Please enter banners and links.

බල ශක්තියෙන් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක්

වසර 20ක ගිවිසුම් කාලයක් යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන තුලින් නිවාස 1,000,000ක සූර්ය බලාගාර පිහිටුවමින් රට බල ශක්තියෙන් ස්වයංපෝෂිත කිරීම අරමුණු කොට ඇති අතර මෙම සූර්ය බලාගාර 1,000,000 අතරින් 20%ක් වත් අඩු අදායම් ලාභී පවුල් වලට ලබා දීම තුලින් අඩු ආදායම් ලාභී පවුල් ලක්ෂ 02ක් නව ක්‍රමය යටතේ විදුලි නිෂ්පාදකයන් බවට පත් කිරීමට බලාපොරොත්තු වේ. “සූර්ය බල සංග්‍රාමය” වැඩ සටහන තුලින් හෙට දිනයේ ඔබේ නිවසත් සූර්ය බලාගාරයක් බවට පත් කර බලශක්ති නිෂ්පාදකයෙක් වී අමතර අදායමක් නිපදවීමට ද දැන් ඔබට අවස්ථාව උදා වී ඇත.

ඔබේ නිවසටත් පියැසි සූර්ය බලාගාරයක්

ඔබට ලැබෙන ප්‍රතිලාභ

  • ඔබ තෝරාගන්නා ක්‍රමය අනුව විදුලි බිල සඳහා වැය වන මුදල සම්පුර්ණයෙන් උපයා ගත හැකි වීම.
  • වසර 7 දක්වා නැවත ගෙවීමේ පදනම මත ක්‍රියාත්මකවන රාජ්‍ය සහ පුද්ගලික අංශයේ වාණිජ බැංකු රැසකින්ම සූර්ය පැනල මිලදී ගැනීම සඳහා ලැබෙන ණය සහන.
  • සූර්ය පැනල මිලදී ගැනීමට ඔබ ණය මුදලක් ලබාගත්තේ නම් ඔබ ලබන අදායමෙන් සූර්ය පැනල මිල දී ගැනීමට ගිය ණය මුදල සහ පොලිය ගෙවීමට හැකි වීම.
  • ඔබ අතිරික්තව නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා මුල් වසර 07ක කාලය තුළ ඒකකයකට රු.22.00/= ක් 08 වන වසරේ සිට රු.15.50/= ක ආදායමක් ලැබීම.

රටට ලැබෙන ප්‍රතිලාභ

  • සූර්ය බලය නොමිලේ ලැබෙන බලශක්ති ප්‍රභවයක් බැවින්, බලශක්තිය සඳහා (ඉන්ධන සහ ගල් අඟුරු) දැනට වැය කරන විදේශ විනිමය ප්‍රමාණය අඩු කර ගත හැක.
  • පරිසර හානිය අවම කරගත හැකිවීම සහ තාප බලාගාරවලින් විදුලි ජනනය හේතුවෙන් වායු ගෝලයට මුදා හැරෙන කාර්බන්ඩයොක්සයිඩ් (CO2) ප්‍රමාණය වසරකට මෙ.ටො. 150,000ක් පමණ අඩු කර ගත හැකි වේ.
  • විදුලි පද්ධතියේ සමතුලිතතාවය රැකගැනීමට පහසු වේ.
  • විදුලි බලය සම්ප්‍රේෂණ හා බෙදා හැරීමේ හානිය අවම වේ.
  • දැනට මහාපරිමාණ ව්‍යාපාරිකයන්ට පමණක් සීමා වී ඇති විදුලි නිෂ්පාදනය සඳහා සමස්ත ජනතාවට සම්බන්ධ වීමට හැකිවීම.
  • රට පුරා විසිරුණු කුඩා පරිමාණ විදුලි නිෂ්පාදනාගාර පද්ධතියක් තිබෙන බැවින් එය ජාතික විදුලි සුරක්ෂිතතාවයටද ධනාත්මකව බලපානු ඇත.
  • පාරිභෝගිකයින් විශාල ප්‍රමාණයක් විදුලි නිෂ්පාදිකයින් වන බැවින් විදුලි ජනනයෙන් ලැබෙන ආදායම තුළ රටේ ආදායම් බෙදීයාමේ විෂමතාවය අඩු වනු ඇත.
  • 2025 වන විට ජාතික විදුලි බල පද්ධතියට මෙ.වො. 1000ක් එක්කර ගත හැකි වීම.
  • මෙම ක්ෂේත්‍රයේ ඇතිවන පිබිදීම තුළ සෘජුව හා වක්‍රව නව රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් නිර්මාණය වීම.

LECOපාරිභෝගිකයන් සඳහා ණය පහසුකම්

සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම විසින් LECO පාරිභෝගිකයන් සඳහා රුපියල් මිලියනයක් දක්වා වූ සුර්ය පැනල ණය යෝජනාක්‍රම හඳුන්වා දෙයි. මෙම ණය පහසුකම ලබා දෙන්නේ තෝරා ගත් ප්‍රථම පාරිභෝගිකයන් 2000 සඳහා පමණක් බැවින් ඔබත් අදම අයදුම් කරන්න

අයදුම් කිරීමට ...

Our Product Partners…

Our Banking Partners…