Please enter banners and links.
LECO පාරිභෝගිකයන් සඳහා සූර්ය පැනල ණය යෝජනාක්‍රම
සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම විසින් නවතම සූර්ය පැනල මිල දී ගැනීම සඳහා ණය යෝජනාක්‍රම හඳුන්වා දී ඇති අතර ලෙකෝ පාරිභෝගිකයන් සඳහාම පමණක් වෙන් වී ඇති මෙම පහසුකම තුලින් රුපියල් මිලියනයක් දක්වා ණය ලබා ගැනීමේ අවස්ථාව සලසා ඇත. ලෙකෝ විදුලි බිල හරහා මෙම ණය මුදල් නැවත ගෙවීමේ පහසුකම ද පාරිභොගිකයන් සඳහා සලසා ඇත.
ණය යෝජනාක්‍රමයෙහි විශේෂාංග
මාසික විදුලි බිල රුපියල් 3000 හෝ එම ප්‍රමාණය ඉක්මවා යන ගෘහස්ථ ලෙකෝ පාරිභෝගිකයන් මෙම යෝජනාක්‍රමය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබන අතර මාස 6ක් වැනි කෙටි කාලයක් තුල පමණක් අයදුම් කළ හැකි මෙම පහසුකම සඳහා ඉදිරිපත් වන අයදුම් කරුවන්ගෙන් 2000 දෙනෙක් පමණක් ණය මුදල් ලබා දීමට තෝරා ගනු ලැබේ.
ණය යෝජනාක්‍රමයට අදාල කොන්දේසි
ඔබගේ අවශ්‍යතාවන්ට වඩාත්ම සරිලන පැකේජය තෝරා ගන්න
පැකේජය 1
මාසික පරිභෝජනය – 120 Units
පද්දති ධාරිතාව – 1 KW
මිල – රු. 325,000 /=
පැකේජය 2
මාසික පරිභෝජනය – 180 Units
පද්දති ධාරිතාව – 1.5 KW
මිල – රු. 400,000 /=
පැකේජය 3
මාසික පරිභෝජනය – 240 Units
පද්දති ධාරිතාව -2KW
මිල – රු. 500,000 /=
පැකේජය 4
මාසික පරිභෝජනය – 300 Units
පද්දති ධාරිතාව – 2.5 KW
මිල – රු. 600,000 /=
පැකේජය 5
මාසික පරිභෝජනය – 360 Units
පද්දති ධාරිතාව – 3 KW
මිල – රු. 675,000 /=
පැකේජය 6
මාසික පරිභෝජනය – 480 Units
පද්දති ධාරිතාව – 4 KW
මිල – රු. 825,000 /=
පැකේජය 7
මාසික පරිභෝජනය – 600 Units
පද්දති ධාරිතාව -5KW
මිල – රු. 975,000 /=
පැකේජය 8
මාසික පරිභෝජනය – 1200 Units
පද්දති ධාරිතාව – 10 KW
මිල – රු. 1800,000 /=